Saturday, June 20, 2015

අනාගතය දකිමු

මම බෞද්ධයෙක්මි .ඔබ සේම සිතුම් පැතුම් වලින් සමාන සාමාන්‍ය මිනිසෙක්මි. සිසුවෙකු මිස ගුරුවරයෙකු නොවන්නෙමි.සත්‍යම පවසමි.

 එහෙත් අධිමානසික පර්යේශනවලදී මට ඇතිවූ ගැටළුව නම් අධිමානසිකලාභීන්ගේ අනාවැකි අනුව සිදුවීම් යම් පෙළගැස්මකට අනුව සිදුවන්නේද යන්නයි.ඇතැම් ආගම්වල තිබෙන සේ. මෙය මට නිරාකරණය නොවූවකි.

නෝත්‍රදාම්ස් එඩ්ගාර් කේසි වැන්නන්ගේ අනාවැකි බලන්න .ඔවුහු වසරසියගනන් ඉදිරියට කියා ඇත.

මිතුරනි මා අධිමානසික විද්‍යාව ගැන කතා කරන්නේ පොත පතින් ලැබූ දැනුමින් නොවේ. ගුරුන් හමුවී ලද දැනුම මා අත්හදාබලා ලද ප්‍රත්‍යක්ෂයෙනි.

අනාවැකි පැවසීමට මා කැමැත්තෙමි. එහෙත් එහි නිරවද්‍යතාවය 90% ක් පමන වේ. 10 % ක් තරම්වන ප්‍රමානයක් වරදී.

රාජකාරි බහුල වීමෙන් අධ්‍යාත්මික ජීවිතයෙන් බැහැරවී දිනගනන් ගතවනවිට අනාවැකිකීමේ බලය අඩුවේ.නිරවද්‍යතාව අඩුවන බව මටම වැටහේ.

කලින් කී ලෙසම මා ශිෂ්‍යයෙක් නිසා අනාවැකි කීමද අධ්‍යනයේ කොටසකි. එයම පමණකි.

අදහස් දැක්වීමෙන් ඔබට මෙම පර්යේශනවලට සහාය විය හැක.ඔබට ප්‍රශ්න ඇසිය හැක.

පුරාන අධිමානසික ලාභීන් අනාගතය දුටු සැටි කවියට නගමි.

ප්‍රථම කාව්‍යය

සිය දහස් පනගැහුන
සුනිල පැන් පොකුණුදිය
ගිනිගනු නියතමය
සිතූ ලෙස නොම සෙමින්
මළ මිනී ගොඩ ගසනු ඇත
ඊට පෙරකළු බැටළුවා
ගාලට හැරී යනු නියත
සුදු බැටළුවන් පේලියක
අන්තිමය කළු බැටළුවෙකි
උතුරු දිග දේසයෙන් 
නැව් එන බව පෙනේ
සිතියම් පොතේ ඇදි කඩ ඉරිද අද හෙටම වෙනස් වේ.
මේ වසර තුලදීම
ලොව අමුතු අනතුරක
මෙවසර හෝ ඊලඟ වසරෙ මුල
මරු කතරෙ ඔටුරැලක
මහම ඔටුවා ඇද වැටී
ලොවට පුවත් මවනු ඇත
පිය මිතුරමේ අසන්
තව වසර දෙක තුනෙන්
සියළු බිජු බොල් වෙලා
ආ මෙතෙක් දුර ගමන 
නතර වනු පෙනී යයි
එතැන් සිට ප්‍රිහීම
දිගින් දිගටම යමින්
මිල මුදල් අහිමි වෙයි
කුසගින්න රජකරයි
තෙද බලය නැතිවෙලා
යළිත් කැලයටම 
තෙලේ බල බිද වැටී ගල් අගුරු යලි පෙරට
බලන් මා මිතුරනේ 
හෙට දවස සුබ නැතේ
සුදු කපුටො රැලක් 
කළු කපුටෙකුට කොටන හැටි
ලියා ඇත හෙට සැබෑ වේ
පා තබන් හෙටට අවදියෙන්
පොරන ඉසිවරුන් කී 
වදන් කවියට නගා
යළිත් ගෙන එනතුරු

විසදන්න මේ වදන්

1 comment: