Sunday, June 7, 2015

වචනයක් පිට කළ යුත්තෙත් පරිස්සමෙන් "හොඳට " නරකට හිටි හැටි

දෝංකාරය මගේ දිනපොතක් සේය. මගේ දෛනික අත්දැකීම් ඉඩ ලැබෙන වෙලාවට ධර්මය හා මුසුකර ඉදිරිපත් කරන්නම්.

වචන පාවිච්චි කළ යුත්තේ මොනතරම් ප්‍රවේසමින්ද කියා මට සිතේ.

 අපූරු වැඩක් දිනක් සිදුවිය. ඒ කේන්දරබලන කෙනෙක් මාව වරදවා වටහා ගැනීමයි. මට ලැබුන කේන්දර ඔහු ලවා බලවා ගෙන ඔහුට මුදල් දීම මා දෙතුන් වරක් කර තිබුනි. 

මා වරක් කේන්දරයක් දී අනේ මේක හොදට බලන්න කියා කිව්වෙමි.මම ඔහුට සමුදී ගෙදර ගියෙමි.

සමහර දිනවල බස් පාරේදී මොහු මට  හමුවෙයි .සදුදා මොහු මා ලගින්ම බිම බලාගෙන ගියේය. මම මෙය ගැන කල්පනා කළෙමි.



ටික දිනක් ගත විය. අරුමයකි.ඉන් පසු ඊලඟ සෙනසුරාදා ඔහු හමුවීමට ගියද ඔහු සිටියේ නැත. කෝල් එකක් ගත්තත් රිංස් යයි ආන්සර් කරන්නේ නැත. මෙය දිගින් දිගටම සිදුවිය.

 .ඉන් පසු කෝල් කලේද නැත. ඔහු හමුවීමට ගියේද නැත.


මොහුගේ මෙම වෙනස නිසා මමද ඉන් පසු ඔහුදෙස නොබලා සිටියෙමි.මොහු මා දැක්කත් අහක බලාගෙන යන්නට විය. මම කිසිම කෙනෙකුට සෙකන්ඩ් නොවෙමි.මා ද ඔහු ව ගනන් නොගෙන සිටියෙමි. 

මොහු යම් අවශ්‍යතා වලට අපේ නිවසට ද සමහර දින වල එයි.   ඒ මල්ලි මුණ ගැසීමටය.දිනක් ඔහු ආවේය. මා කාමරයේ සිටියත් ඔහු නුදුටු ලෙසින් සිටියෙමි.

ටික වෙලාවකින් කෝ අයියා කියා ඇසීය. ඉන් පසු මා එළියට ආවෙමි. ඉන් පසු සුහදව කතා කළෙමි.

කතාව යන අතරෙ ඔහු අපූරු කතාවක් කළේය


එක ගෑනියක් මට කේන්දරයක් දුන්න . දීල කිව්ව මේක හොදට බලන්න කියල. මට ඇල්ලුවෙ නෑ ඒ හොදට බලන්න කියන එක. මට තරහ ගියා. ගෙදරට ආපු කෙනා නිසා මොකුත් කිව්වෙ නෑ.හැබැයි මම කේන්දරය බැලුවෙත් නෑ.

මම ද හූමිටි තැබීමි. මට පසුව කල්පනා වුනේ මේ කතාව කිව්වෙ මා ගැන කියායි. ගෑනු කෙනෙක් පිට දමා මොහු කිව්වෙ මා සම්බන්ධ සිද්ධියයි.

ඔහු සමග හිතවත්කම අත්හැරදමන්නටත් වචන භාවිතයේදී බෙහෙවින්ම ප්‍රවේසම් වීමටත් ඉටා ගතිමි.

කිසිම කෙනෙකුට ද්වේශ නොකරන මෛත්‍රී භාවනාව වඩන මාව සමහරුන් වරදවා වටහා ගන්නේ මන්දැයි නොදනිමි.

මෙය මට මහත් පාඩමක් විය.


මේ වගෙ අය ආශ්‍රය කරන්න බැරිය.මෙහෙම සුළු දෙයටත් කෝප වන අය අතිශයින්ම ළාමකය.



 මම සියළු සත්වයන්ට කරුණාව දක්වන නාදුනන අයට පවා සාමාන්‍යයෙන් කෙනෙක් නොකරන උදව් කරන කෙනෙකි .ඒ වැඩවලින් අමතක නොවන පාඩම් ඉගෙන ගන ද ඇත. ඒවා අදාල වන පරිදි පසුව ලියමි.ලියන්නෙ හිත සැහැල්ලුවටය.කාටහරි ප්‍රයෝජනයක් වේය සිතාය.


2 comments:

  1. අනිත්ව නරකට බැළුව කියල හිතුවැයි හිතන්න ඇති.. හි හී.. 'හොඳට' නරකට හිටි හැටි අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ඔවු යම් ස්වයං රැකියාවක යෙදෙන්නෙකුට ඒ වචනය සංවේදී වෙන්න පුළුවන්. මට ඒක ඔටෝ කියවෙනවා.
      ඒත් මේවගෙ සුළු දේටත් තරහයන පුද්ගලයන් ඉතා දුර්වල අය. යහපත ගැන නිතර කතා කළත් සිය සේවාවන්ට ඉතා අසාධාරණ ලෙස මුදල් අය කරන කෙනෙක්. ඒ වගේම වංචනිකයි.
      ඕනම කෙනෙකුගෙ සිත ඇදගන්නා කෙනෙක්. නිතරම හිනාවෙන් කට පුරවගෙන.ප්‍රසන්න පුද්ගලයෙක්.
      ඔහු සමග මගෙ අමනාපයක් නෑ. නමුත් ඔහු එක්ක කිසිම ගනුදෙනුවකුත් නෑ.
      මෙතන මගෙ පැත්තෙනුත් වරදක් තිබෙනවා. අපේ පවුලේ කේන්දර වැඩ ඔහුට නොදී වෙන කෙනෙකුට දෙනවා. එය ඔහු දන්නවා.
      මෙම විශය ගැන මාත් ඔහුත් වරු ගනන් කතාබහ කරනවා.ඔහු මෙය අමතර ආදායමක් ලෙස කරනවා.මානම් කලේ ඉගෙන ගන්නයි.දැන් කරන්නෙ නෑ.මම මේක ඉගෙනගන්න බව දන්න හිතවත් අය අනේ අපේ ඒවත් බලල දෙන්න කියල මට දෙනව.මාත් බලල දෙනවා. එච්චරයි.
      මම කාර්යබහුල වන විට මට ලැබෙන මෙහෙම පිටවැඩ ඔහුට ත් දෙනවා .ඒත් මගෙ පුද්ගලික වැඩ ඔහුට නොදීම ගැන ඔහු තුල අමනාපයක් තිබුනා වෙන්න ත් පුලුවන්.

      Delete