Tuesday, April 21, 2015

අධිමානසිකලාභීන් සිල්වත්තුද


නොරැවටෙන්න බුදුදහමේ  නිර්වාන මාර්ගය සහ අප මෙහිදී කතාකරන එක් ක්ශේත්‍රයක් වූ අධිමානසික බල අතර සම්බන්ධයක් නැත. ධර්ම මාර්ගයෙහිදී මෙම බල ලැබේ. එහෙත් මෙම ලිපියේ අප කතා කරන්නේ අනායාසයෙන් හා ඇතැම් අභ්‍යාස තුලින් යම් බලයක් ලැබූවන් ගැනය.

අධිමානසිකබලයක් ඇතිබවට මට සෑහීමට පත්විය හැකිවූ පළමු තැනැත්තා හමුවීමට මා ගිය ගමන ගැනද  කියන්නම්. 
මාගිගේ මාත් සමඟ යෝග කරන මගේ මිතුරාද සමගිනි. එක් දිනක් ඔහු සමග එක්තරා පුද්ගලයෙක් හමුවීමට ගොස් ප්‍රතිපලයක් නැතිවූ නිසා මෙම ගමනට සහභාගිවුනේ ලොකු උද්‍යෝගයකින් නොවේ.
එහෙත් භෞතික හා අධ්‍යාත්මික කරුණු සමබරකර සිතන්නට මට එය උපකාරී   විය.

මෙම පුද්ගලයා අප පිලිගෙන කතාබහ කරමින් සිටියදී සිරුරේ වැසූ මදුරුවෙකු තැලීය.

මෙය අධ්‍යාත්මික නායකයෙකුගෙන් අප බලාපොරොත්තුවන චර්යාවක් නොවේ. එසේම මැස්සන් හා මීයන් පවා මර්ධනයට නොපැකිළෙන බව කීවේ මගේ මිතුරායි. ඔහු මත්පැන්ද බොයි. ඔහු තුල ඔබ හා මා දකින ශීලයක් තිබුනේම නැත. මෙය අප සිල්වතකුගෙන් බලාපොරොත්තුවන හැසිරීමයි.

එහෙත් මොහුට බලයක් ඇත. මෙය ඔස්සේ සිත මෙහෙයවූ මට ශීලය හා අධිමානසික බල අතර සම්බන්ධය ගැන සැක ඇතිවිය.අධිමානසික බල සහ බුදුදහමේ අභිඥා අතර සම්බන්ධයක් නැත. එඩ්ගාර් කේසිලා වුල්ෆ් මෙසින් ලා අධිමානසිකලාබීන්ය. මේවා ගර්හිත විද්‍යාවන් ලෙස බුදුන් වහන්සේ විසින් ගර්හාවට ලක් කළ අතර ඍද්ධි ප්‍රාතිහාර්ය පෑම පින්ඩෝල භාරද්වාජ හිමියන්ට තහනම් කළහ.

ශීලය යනු සංස්කෘතික දෙයකි. අධිමානසික බල යනු ඊට වෙනස් දෙයකි. සමහර අන්ධ පුද්ගලයන් වෙනත් විශේෂ හැකියාවන්ගෙන් යුක්තය. බොහෝ අධිමානසික ලාභීන්ට මෙම බලය ලැබී ඇත්තේ උපතිනි. එසේනම් ධර්මයේ සම්බන්ධයක් නැත. කෙසේ වෙතත් උසස් බලයන් උත්සාහයෙන් ලැබූ යෝගීන් තුල ශීලය ස්වභාවයෙන්ම පිහිටයි.

මිනිසාට උරුමව තිබූ තෙවන ඇස නම් ඉන්ද්‍රියක් පරිනාමයේදී අවශිෂ්ටවූ බවටද මතයක් ඇත. එය සතුන්ට ඇති ඉව වැන්නකි.

එසේනම් මෙය මිනිස් මොළයේ ස්වාභාවික දෙයක් විය හැක.

මිනිසා භාශාව භාවිතයට ආ විට ටෙලිපති වැනි හැකියාවන් නැතිවී යන්නට ඇත.

සුනඛයන් මිනිස් ශ්‍රවන පරාසයට පිටින් ඇති ශබ්ද ඇසේ. වවුල්ලු දුර සොයාගන්නේ රේඩාර් ක්‍රමයකිනි. මුහුදු පත්ලේ අන්ධ සත්වයන්ට සන්නිවේදනයට වෙනත් ක්‍රම ඇත. කුඩාළමයින්ගේ මනසද පිරිසිදුය.

අධිමානසික තතවයන් අපෙන් ඈත් කරන්නේ අපේම චර්යාවන් බව පෙනේ. අප අපේ ප්‍රභාෂ්වර චිත්තය මතුවීමට ඉඩ නොදේ. ඒ ආශාවන්  නිසාය.

උපතින් හෝ ආකස්මිකව අධ්‍යාත්මික බලයන් නොළැබූ අය එම තත්වයට පත්වී ඇත්තේ ප්‍රභාෂ්වර චිත්තය මතුකර ගැනීමෙනි.

Sunday, April 19, 2015

කොවුර්ගෙ චැලේන්ජ් එක බාර ගනිමුද

අධිමානසිකලාභීහු සිටිති. එහෙත් තමන්ට බලයක් ඇතැයි අණබෙර ගසන්නේ නැත.

එසේනම් කොවුර්ගෙ ලක්ෂ දහය ගන්න චැලේන්ජ් එක බාර නොගන්නේ ඇයි ? ඔබ අසනු ඇත.

එයට නම් හිනාවීම ඇර වෙන දෙයක් නැත. මෙවැනි යම් බලයක් ඇති අය එවැනි දෙකයි පනහෙ වැඩනොකරති.

උසස් බලයක් ඇති අයෙක් හමුවීමට මා ඔහුගේ රාජකාරී ස්ථානයට ගිය විට අඩුගනනේ ඔහු තමන් යෝග කරන බවවත් එහි කිසිවෙකුට කියා නැත. එහෙත් ඔහුගේ විශ්මයජනක බලය ඔහුටත් අනුන්ටත් ප්‍රයෝජනවත් දේවල් වලට යොදයි. ඔහුට මෙම බලය ලැබුනේ ජර්මන් වෛද්‍යවරයෙකුගෙනි. ජර්මන්කාරයාට ඉන්දියානු යෝගියෙකුගෙන් ලැබුනි. අවුරුදු 32 ක් එකට වැඩකරන අය සමඟ මේ ගැන ඉගියක්වත් කර නැත.

ඔවුන් එම හැකියාවන් පෙන්වන්නේ ඊට සුදුසු අය සමඟ සුදුසු තැන්වලය. ප්‍රදර්ශන පවත්වන අයද නැතිවාම නොවේ.

Saturday, April 18, 2015

ඔබට සැහැල්ලුවක් දැනේවි.

ඔබ මෙලොවට අයත් නැති කෙනෙක් ලෙස ඔබට සිතන්නට හැකිනම් මෙලොව සිටින අය සමඟ ඇති ගැටීම්වලින් මිදෙන්නටපුළුවන. ඔබගේ හිස මත තබාගෙන බරක් කරගෙන සිටින සියළු දෙනා බිම තබන්න

සියළුම දේවල් බිම තබන්න .

ඔබට සැහැල්ලුවක් දැනේවි.

එවිට මෙලොව තිබෙන කිසිම භේදයකට ඔබ අයිති නැහැ. කිසිම කණ්ඩායමකට ඔබ අයිති නැහැ. ඔබ අයිති සැහැල්ලුව සතුට ප්‍රමෝදයට පමණයි.

සතුරාගෙන් මෙන්ම මිතුරාගෙන්ද ප්‍රවේසම් වෙන්න. කෙනෙක් ඔබට යම් සතුරුකමක් කළ විට ඔබට ද්වේශය ඇතිවෙයි. එහෙත් ඊට වඩා හානිකර යමෙක් ඔබට උදව්වක් කළහොත්ය. එවිට ඔබට ඇතිවන්නේ බැදීමකි. මේ දෙකම බැහැරකළ යුතුය. 

මෙය කළ හැක්කේ මෙසේයි. ඔබට සතුරුකමක් කළ තැනැත්තා ඔබට උදව්වක් කරන අයුරු චිත්ත රූපයක් මවා ගන්න.

ඔබට මිතුරුකමක් කළ තැනැත්තා සතුරුකමක් කරන සැටි චිත්ත රූපයක් මවා ගන්න

දැන් සමබර වේවි.

ධර්ම මාර්ගයේ යාමෙන් මාතුල ඇතිවූ විපර්යාසය


සිත තුල අරමුණුවලින් නිදහස්ව තබාගෙන ක්ලේෂයන් ප්‍රහීන කිරීමට පටන්ගත්විට ද්වේශය, කලබලකාරී ගතිය , බිය නැතිවී යයි.උපේක්ෂාව වර්ධනය වෙයි. ලෝභය දුරුවෙයි. මෙය අද්දුටුවකි. එසේම වචනයෙන් විස්තරකළ නොහැකි ප්‍රමෝදයක් දැනේ. සමහරු සෝවාන් වුනා කියා රැවටෙන්නේ මේ තත්වයටයි.

සිත තුල අරමුණුවලින් නිදහස්ව තබාගෙන ක්ලේෂයන් ප්‍රහීන කිරීමට පටන්ගත්විට ද්වේශය, කලබලකාරී ගතිය , බිය නැතිවී යයි.උපේක්ෂාව වර්ධනය වෙයි. ලෝභය දුරුවෙයි. මෙය අද්දුටුවකි. එසේම වචනයෙන් විස්තරකළ නොහැකි ප්‍රමෝදයක් දැනේ. සමහරු සෝවාන් වුනා කියා රැවටෙන්නේ මේ තත්වයටයි.


එසේම ධර්ම මාර්ගය ඉතා අසීරු බවත් අපට මෙම භවයේදී කිසිත් කළ නොහැකි බවත් කළ හැක්කේ මෛත්‍රී බුදුන්ගෙන් බණ අසා නිවන් යාමට ප්‍රාර්ථනා කිරීම බවත් ඇතමෙකුගේ මතයයි. ඒ නිසා කිසිවෙකු ධර්ම මාර්ගයේ යාමට කැමැත්තක් නැත.

එහෙත් ධර්ම මාර්ගයේ යන පුද්ගලයා ඉතා සන්සුන් ඉරියව් ඇති කෙනෙක් බවට පත්වෙයි. මා ප්‍රත්‍යක්ෂව අවබෝධකරගත් දෙයක් මිස වෙන කිසිවක් ඔබට නොකියමි.

තමන් වඩන භාවනාව තමන්ට සුදුසුදැයි දැනගන්නේ කෙසේද

ඔබට භාවනාව අපහසුවක් දැනේනම් එය ඔබට සුදුසු නැත. භාවනාව වඩන විට සිරුර සැහැල්ලුවන්නේනම් සිසිල් වන්නේනම් භාවනාව නිවැරදිය.

සිත දියුණු කිරීමෙන් මා ලබාගත් එක් දෙයක් වූවේ අනාගතය දැකීමත් වේලාව කීමේ හැකියාවත්ය. වේලාව බැලීමට අවශ්‍යවනවිට වේලාව මෙයයි කියා සිතට දැනේ. එය ක්ෂණිකව සිදුවේ. ෆෝන් එකෙන් බැලූ විට හරියටම හරිය.

භාවනාවේ ගැඹුරට ගියදිනවල සිහිනයෙන් පසුදා සිදුවන දේවල් සිහිනෙන් පෙනේ. නමුත් මේ සිහින 100% ක් නිවැරදිම නැත. නිරවද්‍යතාවය 80% ක් පමන වේ. නමුත් සත්ය වූ විට සිතට දැනෙන්නේ සතුටකි.

භාවනාව නතරකළ විට මෙම හැකියාවන්ද නැතිවී යයි.

Friday, April 17, 2015

ටෙලිපති පර්යේශන

යෝග හදාරන විට අපගේ කණ්ඩායමට අවබෝධවූ දෙයක් නම් අප සිතන්නෙ කිසියම් නිශ්චිත සිතිවිලි දාමයක් බවයි. එක්කෝ බිරිද දරුවන් ,කාර්යාලය, හෙට කළ යුතුව තිබෙන වැඩ ආදී වශයෙන්.

අප මේ සිතිවිලි පළවා හැරියා. ඉන් පසුයි ටෙලිපති වැනි පර්යේශන කළේ. අපේ අරමුණ වුනේ දැනුම ලබාගැනීමට විකල්ප මාවත් තිබේද යන්න සොයාබැලීමයි.

විචිත්‍රවත් වූ ඔබ මවිත කරවන සුළු තොරතුරු මෙසේ අවකාශයට මුදාහැරෙන්නේ ඔබ ගැන අනුක්මපාවෙන්මයි.

Thursday, April 16, 2015

යෝගියාගේ පරම හතුරා නිදිමතයි



යෝගීහු බඩගින්න ,පිපාසය හා ලිංගික ආශා නිසා ධර්ම මාර්ගයේ ප්‍රමාද වන බව  සාමාන්‍ය පිළිගැනීම වුවත් යෝගියාගේ සැබෑ සතුරා අන් කිසිවක් නොව නිදිමතයි

භාවනාවේදී නීවරණයන් යටපත් කරමින් සිහිය වඩන යෝගියා වෙහෙසට පත්කර නින්දට යවා සියල්ල අඩාල කරන නිසා දැඩි වීර්යයකින් නින්ද පාලනය කර සතිපට්ඨානය වැඩිය යුතුය.

Tuesday, April 14, 2015

සිතේ සහනය සහ සැනසිල්ල





1. ඔබට අත්විදින්නට අභ්‍යාස කිහිපයක් දෙන්නම්. මේ එක් අභ්‍යාසයක් විනාඩි දෙකක්වත් කළ යුතුයි. 

පෘථිවියේ සිටින්නේ ඔබ පමණක් යැයි සිතන්න.

පෘථිවිය මළ පාළු ග්‍රහලෝකයකි. එහි සතුන් ගස්වැල් ගොඩනැගිලි කිසිවක් නැත. ඔබ දුටු ග්‍රහ වස්තුවක ඡායාරූපයක් සිහිතබා ගැනීම පහසුය.

විනාඩි දෙකකින් ඔබට සහනයක් දැනේ




2 . ඔබ වනාන්තරයක තනිව සිටින්නේයැයි සිතන්න.

අසලින් දියපාරක් ගලා යයි. බැලූ බැලූ අත කොළවන් තුරුලතාය. 

අවශ්‍ය නම් ඈත එක යායාට හිමතලාවක් සිහිකරන්න.

විනාඩි දෙකකින් පමණ සැහැල්ලුවක් දැනේ.

Sunday, April 12, 2015

නිදහස් වෙන්න

                                 නිදහස් වෙන්න

කාගෙන්ද

                               සියල්ලෙන්

කොහොමද

                               මේ මොහොතේ ජීවත්වීමෙනි.

                   සිතන්න