![]() |
සිත තුල අරමුණුවලින් නිදහස්ව තබාගෙන ක්ලේෂයන් ප්‍රහීන කිරීමට පටන්ගත්විට ද්වේශය, කලබලකාරී ගතිය , බිය නැතිවී යයි.උපේක්ෂාව වර්ධනය වෙයි. ලෝභය දුරුවෙයි. මෙය අද්දුටුවකි. එසේම වචනයෙන් විස්තරකළ නොහැකි ප්රමෝදයක් දැනේ. සමහරු සෝවාන් වුනා කියා රැවටෙන්නේ මේ තත්වයටයි.

එසේම ධර්ම මාර්ගය ඉතා අසීරු බවත් අපට මෙම භවයේදී කිසිත් කළ නොහැකි බවත් කළ හැක්කේ මෛත්‍රී බුදුන්ගෙන් බණ අසා නිවන් යාමට ප්‍රාර්ථනා කිරීම බවත් ඇතමෙකුගේ මතයයි. ඒ නිසා කිසිවෙකු ධර්ම මාර්ගයේ යාමට කැමැත්තක් නැත.
එහෙත් ධර්ම මාර්ගයේ යන පුද්ගලයා ඉතා සන්සුන් ඉරියව් ඇති කෙනෙක් බවට පත්වෙයි. මා ප්රත්යක්ෂව අවබෝධකරගත් දෙයක් මිස වෙන කිසිවක් ඔබට නොකියමි.
තමන් වඩන භාවනාව තමන්ට සුදුසුදැයි දැනගන්නේ කෙසේද
ඔබට භාවනාව අපහසුවක් දැනේනම් එය ඔබට සුදුසු නැත. භාවනාව වඩන විට සිරුර සැහැල්ලුවන්නේනම් සිසිල් වන්නේනම් භාවනාව නිවැරදිය.
සිත දියුණු කිරීමෙන් මා ලබාගත් එක් දෙයක් වූවේ අනාගතය දැකීමත් වේලාව කීමේ හැකියාවත්ය. වේලාව බැලීමට අවශ්යවනවිට වේලාව මෙයයි කියා සිතට දැනේ. එය ක්ෂණිකව සිදුවේ. ෆෝන් එකෙන් බැලූ විට හරියටම හරිය.
භාවනාවේ ගැඹුරට ගියදිනවල සිහිනයෙන් පසුදා සිදුවන දේවල් සිහිනෙන් පෙනේ. නමුත් මේ සිහින 100% ක් නිවැරදිම නැත. නිරවද්‍යතාවය 80% ක් පමන වේ. නමුත් සත්‍ය වූ විට සිතට දැනෙන්නේ සතුටකි.
භාවනාව නතරකළ විට මෙම හැකියාවන්ද නැතිවී යයි.
ඉතා හොඳයි අපේ බ්ලොග් දර්ශකය තුලත් සියල්ලන්ගේ මතිමතාන්තර නියෝජනය වන විවිධාකාර බ්ලොග් තියෙනවා. ඔබේ ධර්ම බ්ලොග් එකත් ඒ අතර ඉතා වටින එකක් කියලයි අපි සලකන්නේ.
ReplyDeleteඔබතුමාගේ අදහස ගැන සතුටුයි
Deleteඔබතුමාට පිං