Sunday, June 14, 2015

ප්‍රීති ප්‍රමෝදය

ඔබ කිසිම කණ්ඩායමකට අයත් නැහැ. කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක්ද නොවෙයි. කිසිම ජාතියකට ආගමකට කුලයකට ප්‍රදේශයකට අයත් නැහැ. කොටින්ම ඔබ මනුෂ්‍යයෙකුත් නොවෙයි.

එසේ කියන්නේ මේ සියල්ල ඉතාම තාවකාලිකව අප මත පැටවූ සම්මුතීන් පමණක්ම නිසයි.අපේ සිතිවිලි යනු බාහිර අරමුණු නිසා ඇතිවන ඡායාමාත්‍රයන්. ඒවා ඇතිවන්නේ බාහිර අරමුණු පාදක කොටගෙනයි.

එබැවින් ඒවා බැහැරකර තබන විට සැනසිල්ල ඇතිවේ.

අපට තරහක් ඇතිවෙනවා කියන්නේ ආශාවක් ඇතිවෙනවා කියන්නේ අප ඒ බාහිර අරමුණුවල සිරකරුවෙක් වෙනවා කියන එකයි. සිතිවිලි ඔබට බැහැරින් තබා නිරීක්ෂනය කරන්න.එය සතිපට්ඨානයකි.

මෙය දිගටම පුරුදු පුහුණු කිරීමෙන් ඔබ තව දුරටත් නිදහස් වේ.සත්‍ය අවබෝධ වේ.ප්‍රීති ප්‍රමෝදයට පත්වේ.අත්හදා බලන්න

No comments:

Post a Comment