Saturday, April 18, 2015

ඔබට සැහැල්ලුවක් දැනේවි.

ඔබ මෙලොවට අයත් නැති කෙනෙක් ලෙස ඔබට සිතන්නට හැකිනම් මෙලොව සිටින අය සමඟ ඇති ගැටීම්වලින් මිදෙන්නටපුළුවන. ඔබගේ හිස මත තබාගෙන බරක් කරගෙන සිටින සියළු දෙනා බිම තබන්න

සියළුම දේවල් බිම තබන්න .

ඔබට සැහැල්ලුවක් දැනේවි.

එවිට මෙලොව තිබෙන කිසිම භේදයකට ඔබ අයිති නැහැ. කිසිම කණ්ඩායමකට ඔබ අයිති නැහැ. ඔබ අයිති සැහැල්ලුව සතුට ප්‍රමෝදයට පමණයි.

සතුරාගෙන් මෙන්ම මිතුරාගෙන්ද ප්‍රවේසම් වෙන්න. කෙනෙක් ඔබට යම් සතුරුකමක් කළ විට ඔබට ද්වේශය ඇතිවෙයි. එහෙත් ඊට වඩා හානිකර යමෙක් ඔබට උදව්වක් කළහොත්ය. එවිට ඔබට ඇතිවන්නේ බැදීමකි. මේ දෙකම බැහැරකළ යුතුය. 

මෙය කළ හැක්කේ මෙසේයි. ඔබට සතුරුකමක් කළ තැනැත්තා ඔබට උදව්වක් කරන අයුරු චිත්ත රූපයක් මවා ගන්න.

ඔබට මිතුරුකමක් කළ තැනැත්තා සතුරුකමක් කරන සැටි චිත්ත රූපයක් මවා ගන්න

දැන් සමබර වේවි.

5 comments:

  1. //ඔබට සතුරුකමක් කළ තැනැත්තා ඔබට උදව්වක් කරන අයුරු චිත්ත රූපයක් මවා ගන්න.

    ඔබට මිතුරුකමක් කළ තැනැත්තා සතුරුකමක් කරන සැටි චිත්ත රූපයක් මවා ගන්න

    //

    මේ දේවල් දෙකම චිත්ත රූප නැතුවම හැබෑ ලෝකෙදීම කීප පාරක්ම මට සිදුවී ඇත.

    ---------

    මේ වගේ මාතෘකාවක් ගැන කතා කිරීම බොහොම අගය කල යුතු දෙයක්.

    බොහොම ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. අපට එක එක විදියෙ මිනිසුන් ආශ්‍රය කරන්න වෙනවා.නිතරම පාරෙන් හම්බවෙලා සිනාවෙන කෙනා අද හම්බවෙලා සිනා වුනේ නැත්නම් ඒක දුකක්. ඒකට හේතුව අර කෙනා ඔබ නොදැනුවත්වම ඔබට ඇලිලා සිටි නිසයි. ඔබගේ මනසට එය බරක්. ඔබේ සැහැල්ලුව අහිමි කළේ ඔබේ සතුරෙක් නොවේ මිතුරායි.
      හමෝවම ඔළුවෙන් අයින් කරල ඒ හැමෝම එක්ක සුහදව වැඩකරන්න පුළුවන්නම් ඒක තමයි ජයග්‍රහණය.
      සමහරු තමන්ට කරපු කරදර අසාධාරණකම් ගැන අවුරුදු පනහ හැට මතක තියාගෙන ඉන්නව. කුණු කන්දල්වලින් ඔළුව පුරවගෙන . ඒ අය හරිම අවාසනාවන්ත මිනිස්සු.

      Delete
  2. පහුගිය පෝස්ට් එකයි මේකයි දෙකම එකවර කියෙව්වා.. භාවනාව හරහා 'සිත දියුණු කිරීම' කියනෙක ටිකක් විවාද සම්පන්නයි නේද? කෙනෙක් මම සෝවාන් කියනවා සේම තවත් කෙනෙක් මම අරහත් කියනවා වගේම 'හා මම මගේ සිත දියුණු කර ගත්තා' කියනෙකත් ගැලපෙන්නේ නැති බවයි මගේ අදහස. ඒ වෙනුවට යම් යම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා පාඨකයාට ඒ සුවය (හෝ තත්තවය ) අත් විඳීමට උගැන්විය හැකිනම් හොඳයි සිතෙනවා. මං හිතන්නේ ඔබ අන් මත ඉවසීමට තරම් 'සිත දියුණු කොට ඇති' යැයි කියායි.

    ReplyDelete
    Replies
    1. ඉතාම වැදගත් ප්‍රශ්නයක්. නිකම් බලයක් ලැබුන කියල කියන්න බැහැ. ඒක ඔප්පු කරන්න ඕන. ඔප්පු කරනව කියන්නෙ වාද කරලා නොවෙයි. තමන්ගෙ බලය ප්‍රසිද්ධියෙ පෙන්වන්න හැකියාව තියෙන්න ඕන. සමහර අය මාධ්‍යමගින් ප්‍රචාරයක් ලබාගෙන මිනිසුන් තුල විශ්වාසය ගොඩනගල ඊට පස්සෙ කියනව අච්චර පිරිසක් විශ්වාස කරන එකම ප්‍රාතිහාර්යයක් නේද කියල.

      මම කියන්නෙ ඉතා සරල දෙයක්. අපේ සිත දියුණු කරල බලයක් ලබා ගැනීම. මේක ඕනම කෙනෙකුට අත්හදාබලන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නය ගැන සිතීම නතරකරල කිසිම දෙයකින් සිත අපවිත්‍ර කරගන්නෙ නැතිව ඉන්න. පුදුම විදියට එම ප්‍රශ්නයට විසදුමක් ලැබිල.

      තරහ කාරයෙක් මිත්‍රකරගන්න මෙම ක්‍රමය යොදාගන්න පුළුවන්. කෙනෙක් වශී කරගන්නත් පුළුවන්. ඒ වගේම සිත නිදහස් කරගන්න පුරුදුවුනාම කෙනාට අනාගත සිදුවීම් සිහින ලෙස හෝ නිකම්ම හෝ දැනෙනවා.

      මෙහි කිසිම ගුප්ත බවක් නෑ. මේ විදියට ප්‍රත්‍යක්ෂයෙන් දැණගත් නිසයි මට හිතෙන්නෙ තව දුරටත් සිත දියුණු කරගැනීමෙන් ලොකු දේවල් කරන්න පුළුවන් කියල.

      මේක තමයි විදර්ශනාව. මෙය පුරුදු කරන්න ගත්තට පස්සෙ මට හැම දෙයක් ගැනම උපේක්ෂාවක් ඇතිවුනා. ආශාවන් අඩුවුනා .සැනසිල්ලක් දැනෙන්න ගත්තා. ජීවිතයේ සතුට අත්විදිඋන්න ලැබුනා.

      Delete
  3. වටිනා උපදෙස් ටිකක්

    ReplyDelete