Tuesday, April 21, 2015

අධිමානසිකලාභීන් සිල්වත්තුද


නොරැවටෙන්න බුදුදහමේ  නිර්වාන මාර්ගය සහ අප මෙහිදී කතාකරන එක් ක්ශේත්‍රයක් වූ අධිමානසික බල අතර සම්බන්ධයක් නැත. ධර්ම මාර්ගයෙහිදී මෙම බල ලැබේ. එහෙත් මෙම ලිපියේ අප කතා කරන්නේ අනායාසයෙන් හා ඇතැම් අභ්‍යාස තුලින් යම් බලයක් ලැබූවන් ගැනය.

අධිමානසිකබලයක් ඇතිබවට මට සෑහීමට පත්විය හැකිවූ පළමු තැනැත්තා හමුවීමට මා ගිය ගමන ගැනද  කියන්නම්. 
මාගිගේ මාත් සමඟ යෝග කරන මගේ මිතුරාද සමගිනි. එක් දිනක් ඔහු සමග එක්තරා පුද්ගලයෙක් හමුවීමට ගොස් ප්‍රතිපලයක් නැතිවූ නිසා මෙම ගමනට සහභාගිවුනේ ලොකු උද්‍යෝගයකින් නොවේ.
එහෙත් භෞතික හා අධ්‍යාත්මික කරුණු සමබරකර සිතන්නට මට එය උපකාරී   විය.

මෙම පුද්ගලයා අප පිලිගෙන කතාබහ කරමින් සිටියදී සිරුරේ වැසූ මදුරුවෙකු තැලීය.

මෙය අධ්‍යාත්මික නායකයෙකුගෙන් අප බලාපොරොත්තුවන චර්යාවක් නොවේ. එසේම මැස්සන් හා මීයන් පවා මර්ධනයට නොපැකිළෙන බව කීවේ මගේ මිතුරායි. ඔහු මත්පැන්ද බොයි. ඔහු තුල ඔබ හා මා දකින ශීලයක් තිබුනේම නැත. මෙය අප සිල්වතකුගෙන් බලාපොරොත්තුවන හැසිරීමයි.

එහෙත් මොහුට බලයක් ඇත. මෙය ඔස්සේ සිත මෙහෙයවූ මට ශීලය හා අධිමානසික බල අතර සම්බන්ධය ගැන සැක ඇතිවිය.අධිමානසික බල සහ බුදුදහමේ අභිඥා අතර සම්බන්ධයක් නැත. එඩ්ගාර් කේසිලා වුල්ෆ් මෙසින් ලා අධිමානසිකලාබීන්ය. මේවා ගර්හිත විද්‍යාවන් ලෙස බුදුන් වහන්සේ විසින් ගර්හාවට ලක් කළ අතර ඍද්ධි ප්‍රාතිහාර්ය පෑම පින්ඩෝල භාරද්වාජ හිමියන්ට තහනම් කළහ.

ශීලය යනු සංස්කෘතික දෙයකි. අධිමානසික බල යනු ඊට වෙනස් දෙයකි. සමහර අන්ධ පුද්ගලයන් වෙනත් විශේෂ හැකියාවන්ගෙන් යුක්තය. බොහෝ අධිමානසික ලාභීන්ට මෙම බලය ලැබී ඇත්තේ උපතිනි. එසේනම් ධර්මයේ සම්බන්ධයක් නැත. කෙසේ වෙතත් උසස් බලයන් උත්සාහයෙන් ලැබූ යෝගීන් තුල ශීලය ස්වභාවයෙන්ම පිහිටයි.

මිනිසාට උරුමව තිබූ තෙවන ඇස නම් ඉන්ද්‍රියක් පරිනාමයේදී අවශිෂ්ටවූ බවටද මතයක් ඇත. එය සතුන්ට ඇති ඉව වැන්නකි.

එසේනම් මෙය මිනිස් මොළයේ ස්වාභාවික දෙයක් විය හැක.

මිනිසා භාශාව භාවිතයට ආ විට ටෙලිපති වැනි හැකියාවන් නැතිවී යන්නට ඇත.

සුනඛයන් මිනිස් ශ්‍රවන පරාසයට පිටින් ඇති ශබ්ද ඇසේ. වවුල්ලු දුර සොයාගන්නේ රේඩාර් ක්‍රමයකිනි. මුහුදු පත්ලේ අන්ධ සත්වයන්ට සන්නිවේදනයට වෙනත් ක්‍රම ඇත. කුඩාළමයින්ගේ මනසද පිරිසිදුය.

අධිමානසික තතවයන් අපෙන් ඈත් කරන්නේ අපේම චර්යාවන් බව පෙනේ. අප අපේ ප්‍රභාෂ්වර චිත්තය මතුවීමට ඉඩ නොදේ. ඒ ආශාවන්  නිසාය.

උපතින් හෝ ආකස්මිකව අධ්‍යාත්මික බලයන් නොළැබූ අය එම තත්වයට පත්වී ඇත්තේ ප්‍රභාෂ්වර චිත්තය මතුකර ගැනීමෙනි.

2 comments:

  1. මම බුදුදහමේ එන ශීල ගැන නම් දන්නේ නැහැ. එත් අධිමානසික විද්‍යාව ගැන නම් විශ්වාස කරනවා. මම ගොඩක්ම විශ්වාස කරන දෙයක් තම මිනිසාට අපි දන්නවාට වඩා දේවල්, බොහොම පුදුම දේවල් ඇති විශාල සංක්‍යාවක් කරන්න හැකියාව සහ බලය තියෙනවා කියන එක/.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත් හිතෙනවා මිනිසා භාවිතා කරන්නෙ ඔහු සතු ශක්තියෙන් ඉතා සුළු කොටසක්ය කියන එක. මේ කතාකරන භෞතික ශක්තිය සැගවිලා. රිමෝට් එකකින් ඈත වස්තූන් කෙරෙහි බලපෑම් කරන විදියට මිනිස් මොළයටත් ලොකු හැකියාවන් පවතිනවා. නමුත් ඒවාගෙන් ප්‍රයෝජන ගන්න හැටි අප තවම දන්නෙ නෑ

      Delete