Sunday, May 3, 2015

මේ පින්බර පොහෝදා ඔබ සැමගේ සිත් සතන් සිසිල් වේවා

වෙසක් පෝ දින ඔබේ හදවත සිසිල් වේවා

අද මේ පින්බර දවසේ සියළු බැදීම් වලින් නිදහස් වීමේ සතුට ගැන කතා කරමු.

අවාසනාවට භාවනාවට දිය යුතු මුල්තැන  වෙනත් ආමිස පූජාවන්ට දීම නිසා අපගේ මනස සිසිල් කරගැනීමට අපට ලැබී ඇති උතුම්ම අවස්ථාව මගහැරී ගොස් ඇත. දන් දීම හොද වැඩකි. එහෙත් දානයෙන් විවිධ අලංකාර ප්‍රදර්ශනවලින්  සිතට ලොකු සහනයක් නැත.

කොතරම් දන් දුන්නත් කොතරම් අලංකාර වෙසක් කූඩු හැදුවත් ඔබගේ සිතේ ඇතිවන ක්‍රෝධය මද පමනකින් වත් අඩුවුනාද

ඔබ අර පරන මිනිසාම නේද

කොතරම් දහම් පොත් කියෙව්වත් ඔබතුල කිසිම වෙනසක් වුනාද
 ඔබ ඒ පොත් කියවන්නේ කියවීමේ රසය විදීමටය.


ඔබගේ තරහ යන ගතියවත් අඩුවුනාද

එසේනම් ඔබතුල කිසිම වෙනසක් වී නැත.

ඔබ ජය ගත යුත්තේ ඔබගේ සිතය.

ආගමික පූජා ක්‍රම ඕනෑම නරක මිනිසෙකුට පුද පූජා කරන අතරේම සිය දුෂ්ට ජීවිතයද ගෙවිය හැකි ලෙස සකස් වී ඇත.


එහෙත් ඔබ භාවනාව පුරුදු පුහුණු කළොත් දවසකින් දෙකකින්ම ප්‍රතිපල ලැබේ

ඔබ ලොව පුරාම සිද්ධස්ථාන වැන්දත් වැඩක් නැත.

ඔබ වන්දනාමාන කළ යුත්තේ ඔබේ සිතයි.

ඔබේ සිත නිදහස් කරගන්න .  ධර්මය එයයි.


මම විවිධ පුද පූජාවල නි‍යැලුන කාලයක් විය. නමුත් මගේ අභ්‍යන්තරයේ ප්‍රීතියක් නොවීය.

භාවනාවට යොමුවුනේ ඉන් පසුවයි.

අවබෝධ මාර්ගය භාවනාවයි.

සියල්ල සිතෙන් විනිවිද දකින්න.

සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම හා නැතිවීම දකින්න.

ඉන්පසු ඒවා බැහැර කරන්න.

සැනසිල්ල අත්දකින්න.

නිදහස් වූ සිත පුදුමාකාරය. කූඩුවෙන් මුදාහළ පරෙවියෙකු සේය. අනුන් නොදකින ලොවක් ඔබ දකී. ඔබගේ පෙර භවයන්ද ඊට අයත්ය. ඔබගේ මෙම භවයේ ගැටළුවලට හේතු හා විසදුම්ද ඔබ ඉදිරියට එනු ඇත.


තෙරුවන් සරණයි

2 comments:

  1. සැබෑ ධර්මය හදුනා ගන්න ඒකයි වැදගත්

    ReplyDelete
    Replies
    1. පිළිතුරු දීමට ප්‍රමාද වීම ගැන සමාව ඉල්ලමි.
      සැබෑ ධර්මය හදුනාගැනීමයි අමාරු. මේ නිසා එය පැත්තක තබා තමන්ගෙ වැඩකරනවා. මෙහිදී (දෝංකාරය ) නම් කෙරෙන්නේ ධර්මයට වඩා විශ්වයේ ගුප්ත පැත්ත හෙළිදරවු කිරීමයි.

      Delete